විශ්වසනීය පුද්ගල අනන්‍යතාව හැඳුනුම්පතයි
Hit Counter පැමිණි අමුත්තන්
 

නිල මෙහෙවර - ජනපති ජනතා සේවය
තෙවන වැඩසටහන - කුරුණෑගල දිස්ත්‍රික්කය (ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය)

 
 

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මහතාගේ මඟපෙන්විම යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මුලිකත්වයෙන් " නිල මෙහෙවර - ජනපති ජනතා සේවය " තෙවන ජංගම සේවා වැඩ සටහන කුරුණෑගල දිස්ත්‍රික්කය ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.


මෙහිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ජංගම සේවා පවත්වමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත හැඳුනුම්පත් ලබා දීම හා ඒ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම සිදු කෙරෙනු ඇත.

මෙම වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරමින් ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතා සේවා වැඩසටහන ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.04.07 වන දින ගනේවත්ත එස්.බී.හේරත් ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම අවස්ථාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වියානි ගුණතිලක මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ නිලධාරින් රැසක් ද සහභාගි වූ අතර  කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පදිංචි හැඳුනුම්පත් ලබා ගත යුතු සෑම පුද්ගලයෙකුටම හැඳුනුම්පත් නිකුත් කර, හැඳුනුම්පත් නොමැති ජන සංඛ්‍යාව ශූන්‍ය කිරීම මෙහි අරමුණ විය.


 
     

මෙම ජනපති ජනතා සේවය වැඩසටහනේදී  ඉල්ලුම්කරුවන් සැලකිය යුතු ප්‍රමාණයකගේ ඉල්ලුම්පත් රුසක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදි. කිසිදු අඩුපාඩුවකින් තොරව අදාල ලිපිලේඛන හා නිසි ප්‍රමිතියෙන් යුතු ඡායා රූප සමඟ ඉල්ලුම්පත් යොමු කරන ලද ඉල්ලුම්කරුවන්ගේ හැඳුනුම්පත් ඉතා කඩිනමින් සැකසෙමින් පවතින අතර අඩුපාඩු සහිත ඉල්ලුම්පත් සඳහා වන හැඳුනුම්පත් සැකසීමේ ක්‍රියාවලිය තරමක් ප්‍රමාද විය හැකිය.


පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙන්ම මෙම  ජංගම සේවාවේදී රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ආදි රාජ්‍ය ආයතන රැසකගේ සේවා දායකත්වය එකම පරිශ්‍රයක් තුළ ලබා ගැනීමේ වටිනා අවස්ථාව ප්‍රදේශවාසීන්ට හිමි විය. නිල මෙහෙවර තෙවන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රක්කය ආවරණය කරමින් අ‍නෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද නුදුරේදීම මෙම දෙපාර්තමේන්තුව විසින් ජංගම සේවා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.