නව ජාතික හැඳුනුම්පත එළිදැක්වීම |
||
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2017 ඔක්තෝම්බර් 27 වන දින ගරු අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නව ජාතික හැඳුනුම්පත නවීන තාක්ෂණයෙන් සුහුරු කාඩ්පතක (SMART Card) නිකුත් කිරීම ආරම්භ කරන ලදී.
|
||
නව හැඳුනුම්පත ඉලක්කම් දොළහකින් යුතු හැඳුනුම්පත් අංකයකින් මෙන්ම ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization - ICAO) ප්‍රමිතියෙන් යුතු ඡායාරූපයකින් සහ යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේත (Barcode) ක්‍රමයකින් සමන්විතය. නම, උපන් ස්ථානය, ලිපිනය හා ස්ත්‍රී / පුරුෂභාවය යන තොරතුරු භාෂාත්‍රයෙන්ම මුද්‍රිතව දැක්වෙන අතර හැඳුනුම්පත්ලාභියාගේ අත්සන ද නව හැඳුනුම්පතට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත. එමෙන්ම මෙම සුහුරු කාඩ්පත ජාත්‍යන්තරව පිළිගත් හැඳුනුම්පතක් සඳහා වන ප්‍රමිතියට අනුකූල වන අතර, එමඟින් මහජනතාවට ඉතා පහසුවෙන් හා කඩිනමින් තම සේවා අවශ්‍යතා ඉටු කර ගැනීමේ හැකියාව පවතී.
මෙම සුහුරු කාඩ්පත (SMART Card) හඳුන්වා දීමත් සමඟ මෙතෙක් භාවිතා කළ හැඳුනුම්පත් අවලංගු නොවන අතර, 2017 ඔක්තෝම්බර් 27 දින සිට දෙපාර්තමේන්තුව වෙත යොමු කරන සියලුම ඉල්ලුම්පත් සඳහා සුහුරු කාඩ්පත (SMART Card) ලබා දීමට කටයුතු කරනු ඇත. |
|||||||||||||||||
|