![]() |
||
පළාත්/ ශාඛා කාර්යාල
ඒ අනුව දිවයින පුරා ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 331 ක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ශාඛා කාර්යාල පිහිටුවා ඇති අතර ඒ සඳහා සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු බැගින් පත් කර ඹබගේ හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳ පුහුණුවක් ලබා දී ඇත.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය බස්නාහිර පිහිටුවා ඇති බැවින් එම පළාත හැර අනෙකුත් සියලුම පළාත් සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාල පිහිටුවීමට සැලසුම් කර ඇත. ඒ අනුව සෑම පළාතකම ඇති ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල ඇති ශාඛා කාර්යාල වල අධික්ෂණය, සම්බන්ධීකරණය හා එම ශාඛා කාර්යාල වලට ලැබෙන ඉල්ලුම්පත්‍ර පළාත් කාර්යාලයට ලබාගෙන හැඳුන්ම්පත් නිකුත් කිරීම කඩිනම් කිරීමට සැලසුම් කර ඇත. |
||
ක්‍රියාත්මක වන පළාත් කාර්යාල
මෙම පළාත් කාර්යාල දෙකම සම්පූර්ණයෙන්ම පරිගණක ගත කර ඇති අතර එම කාර්යාල වලට ලැබෙන ඉල්ලුම්පත්‍ර පරිගණක ක්‍රියාවලිය මඟින් පරිගණක ගත කර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අන්තර්ජාල තොරතුරු ක්‍රමවේදයක් ඔස්සේ (Online System) යොමු කරනු ලැබේ. එබැවින් ප්‍රධාන කාර්යාලයට ඉල්ලුම්පත්‍ර හා ලේඛන වල ව්ද්‍යුත් පිටපත් ලැබෙන අතර එමඟින් පුද්ගලයා ලියාපදිංචි කර ගත් ලියාපදිංචිය තහවුරු කර හැඳුනුම්පත මුද්‍රණය කර ඉල්ලුම් කරු වෙත නිකුත් කරනු ලැබේ. මෙය ජනතාවට වඩාත් පහසු තත්වයක් බවට පත්ව ඇත.
යෝජිත පළාත් කාර්යාල
|