|
2. දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද හැඳුනුම්පත් සම්බන්ධයෙන් තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම
හැඳුනුම්පත්වල නිවැරදිභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය වන අවස්ථාවල දී යම් යම් ආයතන විසින් හැදුනුම්පත් ලාහියාගේ කැමැත්ත පරිදි සෘජුවම හෝ අදාළ පුද්ගලයන් හරහා දෙපාර්තමේන්තුව වෙත විමසීම් සිදු කරනු ලැබේ. මෙසේ තහවුරු කිරීමක් අවශ්‍ය වන අවස්ථා මුලික වශයෙන් පහත පරිදි වේ:-
- එකම පුද්ගලයකු විසින් අවස්ථා දෙකක දී හැඳුනුම්පත් අංක දෙකක් ඉදිරිපත් කර තිබීම
- පුද්ගලයන් දෙදෙනකු විසින් එක ම හැඳුනුම්පත් අංකයක් භාවිත කර තිබීම
- ජාතික ආරක්ෂක ආයතන සඳහා අවශ්‍ය අවස්ථාවන්වලදී වාර්තා ලබා දීම
- නීතිමය කටයුතු සඳහා අධිකරණ වෙත වාර්තා ලබා දීම
- තානාපති කාර්යාල සඳහා අවශ්‍ය වාර0්තා ලබා දීම
- පොලිස් නිශ්කාෂණ වාර්තා සඳහා පුද්ගල අවශ්‍යතාවන් තහවුරු කිරිම
හැඳුනුම්පත් තොරතුරු තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිපිලේඛන
- 1972 හා 1973 වර්ෂ වලදී නිකුත් කර ඇති හැදුනුම්පත් අවලංගු කර ඇති බැවින් ඉන් පසු ලබා ගත් හැදුනුම්පත් පමණක් වලංගු වේ. එම හැදුනුම්පත් පලුදු වූ, විරූප හෝ නොපැහැදිලි නම් හැදුනුම්පතේ දෙවන පිටපතක් ලබා ගෙන තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතුය.
- ඉදිරිපත් කරන ලද හැදුනුම්පතේ තොරතුරු පිළිබඳව දෙපාර්තමේන්තුවේ වාර්තා සමඟ නොසැසදේනම් හො දෙපාර්තමේන්තු වාර්තා වල සඳහන් නොමැති නම් ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත එම හැදුනුම්පත භාව්තා කළ බවට තහවුරු කළහැකි ලියකියවිලි ලෙස ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය, බැංකු ගිණුම් පොත්, අර්ථසාධක අරමුදල් වාර්තා ආදී ලේඛන අවශ්‍ය විටක ඉදිරිපත් කළ යුතුය.
|
|