|
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අදාළ නීතිමය පසුබිම
1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත හා ඒ යටතේ පනවන ලද විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත. මෙම පනත 1971 අප්‍රේල් මස 05 දින සිට බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ. දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නීතිමය පසුබිම සැලසී ඇත්තේ පහත සඳහන් පනත්, නියෝග, නියමයන් හා නිවේදන මගින් ය.
පනත්
- 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත.
- 1971 අංක 28 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
- 1971 අංක 37 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
- 1981 අංක 11 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
- 2016 අංක 8 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත.
නියෝග
- 1971.12.30 දින අංක 14991 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1971.12.16 දිනැති නියෝග.
- 1990.11.20 දින අංක 637/6 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1990.06.25 දිනැති නියෝග.
- 2005.03.29 දින අංක 1386/17 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2005.03.23 දිනැති නියෝග.
- 2015.12.22 දින අංක 1946/31 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015.12.22 දිනැති නියෝග.
- 2017.05.31 දින අංක 2021/28 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2017.05.30 දිනැති නියෝග
නියමයන්
- 1971.04.01 දිනඅංක 14952 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1971.03.28 දිනැති 2 වන වගන්තිය යටතේ නියමය.
- 1972.02.18 දින අංක 14998 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද 1972.01.28 දිනැති 7වන වගන්තිය යටතේ නියමය.
|
|