![]() |
|||
එක්දින සේවයඔබගේ හදිසි අවශ්‍යතාවයන්හිදී වඩා කාර්ය්යක්ෂම සේවාවක් සපයමින් එක් දිනක් තුළ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ අරමුණින් 2003.09.01 දින සිට එක්දින සේවය ආරම්භ කර ඇත. මෙම සේවාව ලබාගැනීමට ඔබගේ ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කරන ලද හෝ පාසල් දරුවන් නම් විදුහලුපති සහතික කරන ලද හෝ වතු පදිංචිකරැවන් නම් වතු අධිකාරී සහතික කරන ලද පු.ලි.දෙ/වි/ 1,7,8 ඉල්ලුම්පත්‍රයක් මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීමට හෝ එහි දෙවැනි පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය පරිදි ඉදිරිපත් කළ යුතුය. එක් දින සේවය සඳහා ඉල්ලුම්පත් භාර දීමට ඉල්ලුම්කරු පැමිණීම අනිවාර්ය වේ. නමුත් විශේෂ අවධානය සහිත පුද්ගලයන් (ශාරීරික, මානසික දුබලතා ඇති / වයෝවෘධ පුද්ගලයන් වැනි අය) ඒ බව ග්‍රාම නිලධාරී / ප්‍රාදේශීය ලේකම් සහතික කල ලිපියක් මගින් තහවුරු කරන්නේනම් මව,පියා, කලත්‍රයා, සහෝදර සහෝදරියන් හෝ නීත්‍යානුකූල භාරකරුට හැදුනුම්පත භාරදීමේ හැකියාව ඇත. සැ.යු. ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත පැහැදිලි අත් අකුරින් සම්පූර්ණ කර නොතිබීම, ඉදිරිපත් කරනු ලබන ලේඛන නොපැහැදිලි වීම, හැඳුනුම්පතේ තොරතුරු නොපැහැදිලි වීම, එම තොරතුරු දෙපාර්තමේන්තුවේ වාර්තා සමග නොගැලපීම, ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව නිර්ව්‍යාජ බව තහවුරු කරගැනීමට විමර්ශනය කිරීමට සිදුවීම නිසා ඔබගේ හැඳුනුම්පත ලබා ගැනීමට ප්‍රමාද විය හැකිය. එබැවින් නිසි පරිදි නිවැරදිව ඔබගේ ඉල්ලුම්පත්‍රය යොමු කළ යුතු ය. |
|||