![]() |
නිතර අසන පැන මා හට ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකිද? ඔබ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ ශ්‍රී ලාංකික පුරවැසියකු නම් ඔබහට ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකිය. මාගේ ජාතික හැඳුනුම්පත සංශෝධනය කළ යුතු අවස්ථා මොනවාද?
ජාතික හැඳුනුම්පත සංශෝධනයක් සඳහා මා විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවාද?
|
නැතිවූ හැදුනුම්පතකට මා කෙසේ නව හැඳුනුම්පතක් ලබා ගන්නේද?
සැ:යු: නැති වූ හැඳුනුම්පතක් වෙනුවට දෙවන පිටපතක් ලබා ගන්නා තැනැත්තන් යම් හෙයකින් එය ලබාගත් පසු තම නැති වූ හැඳුනුම්පත නැවත තමා වෙත ලැබුනහොත් හෝ සොයාගත හොත් වහාම එය කොමසාරිස් ජනරාල්වරයා වෙත භාර දිය යුතුය. හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඉල්ලුම්පතක් ලබා ගන්නේ කෙසේද?
හැඳුනුම්පත් ලබා ගැනීමට අදාළ සම්පූර්ණ කළ අයදුම්පත් භාරදිය යුත්තේ කාටද?
හැඳුනුම්පතක් පළමු වරට ඉල්ලුම් කිරීමේදී සංශෝධනය කර ගැනීමේදී හා නැති වූ විට දෙවන පිටපතක් ගැනීමේ දී මා භාවිතා කළ යුතු ඉල්ලුම්පත්‍ර එකිනෙකට වෙනස්ද ? නැත, එම ඉල්ලුම් පත්‍රය පු.ලි.දෙ.වි 1,7,8 වේ. මෙය අදාල සහතික කිරීමේ නිලධාරීන් විසින් QR Code එක මඟින් අදාල ඉල්ලුම් කරුවන්ට ඉල්ලුම්පත්‍රය නිශ්චිත කරනු ලැබේ.
උප්පැන්න සහතිකයේ මුල් පිටපත අනිවාර්යයද?
එක්දින සේවාව සදහා අයදුම් කළ හැක්කේ කෙසේද? ඒ සදහා ගාස්තු කොපමණද?
ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් නොමැතිනම් හැඳුනුම්පත ලබාගත හැකිද? හැකිය. ජන්ද හිමි නාම ලේඛණයේ ලියාපදිංචි වී තිබීම හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය කාරනයක් නොවේ. එසේ ලියාපදිංචි වී තිබීම ඔබගේ අනන්‍යතාව තහවුරු කිරීමේ තවත් එක් වැදගත් සාක්ෂියක් වනු ඇත.
ස්ථීර පදිංචියක් නොමැතිනම් හැඳුම්පතක් ලබා ගත හැකිද? ඒ කෙසේද? ඔබ දැනට පදිංචිව සිටින ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හරහා හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කල හැක.
විදේශගත වී ඇති අවස්ථාවක හැඳුනුම්පතක් ලබැගනීම සඳහා ඉල්ලුම් කළ හැකිද? ඉල්ලුම් කල නොහැකිය. ශ්‍රී ලංකාවට පැමිණි පසු ඉල්ලුම් කල යුතුය..
හැඳුනුම්පත වෙනත් භාෂාවකට පරිවර්තනය කරගත හැකිද? ඒ සඳහා කුමක් කළ යුතුද? දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අංශය වෙත පැමිණ ඔබගේ හැඳුනුම්පත පිළිබඳ තොරතුරු ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර ගත හැකිය. ඒ සඳහා ඔබ විසින් රුපියල් දහසක (රු. 1000/-) මුදලක් ගාස්තු වශයෙන් ගෙවිය යුතුය.
ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් තැනැත්තෙකුට හැඳුනුම්පතක් ලබා ගත හැක්කේ කෙසේද?
ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව විදේශීය රටකදී උපත ලද මා හට ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකිද? ඒ සඳහා කුමක් කළ යුතුද? ඔබට හැදුනුම්පත ලබාගත හැකිය. 1948 අංක 18 දරණ පුද්ගල පනතේ 5(2) වගන්තිය ප්‍රකාර උපත ලබන රටේ ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලය හරහා හෝ ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට තම ඉල්ලුම්පත සෘජුව භාර දී හෝ අදාල දරුවාගේ උපත ලියාපදිංචි කර ගත යුතුය. එසේ ලියාපදිංචි කරගත් දරුවෙකුට වයස අවුරුදු 21 ලබා 22 ලබන තෙක් ලංකාවේ පුරවැසිභාවය හිමි වේ. (අදාළ දරුවාට එම කාල සීමාව තුල අදාළ විදේශ රටේ පුරවැසිභාවය තිබීම මේ සදහා බාධාවක් නොවේ ). ඒ අනුව පුද්ගල පනතේ 5(2) වගන්තිය යටතේ නිකුත් කරනු ලබන සහතිකය හා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන උපපැන්න සහතිකයද සමග වයස අවුරුදු 16 ලැබූ පසු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පතක් යොමුකර හැඳුනුම්පතක් ලබාගත හැකිය. සැ.යු: වයස අවුරුදු 21 සම්පූර්ණ කළ එනම් 22ට එළැබි තැනැත්තන් තමන් අවු. 22 ලැබූ පසුත් වෙනත් විදේශීය රටක පුරවැසිභාවය නොදරා ශ්‍රී ලාංකික පුරවැසිභාවය පමණක් දරන්නේනම් ඒ පිළිබඳව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයේ නිලධාරීන් දැනුවත් කර අදාළ 5(2) වගන්තිය සහතිකය පසුපස තව දුරටත් ශ්‍රී ලාංකික පුරවැසිභාවයම දරන බවටම වන සටහනක් පිටසන් කර ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
හැඳුනුම්පත ඕනෑම අයෙකුට බැලිය හැකිද? කුමන අවස්තාවලදී හැඳුනුම්පත ඉදිරිපත් කල යුතුද? හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට ප්‍රතික්ෂේප කල හැකිද? පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 15 වන වගන්තිය යටතේ ඊට අදාළව 2005.03.29 වන දින අති විශේෂ ගැසට් පත්‍ර අංක 1380/17 යටතේ 2005 වසරේ පළකරනු ලැබූ නියෝග පරිදි පහත සදහන් නිළධාරීන් හැදුනුම්පත පරික්ෂා කිරීම සදහා හැදුනුම්පත ඉල්ලීමටත්, ළඟ තබා ගැනීමටත් පනතේ නියෝග ප්‍රකාරව පත්කරනු ලැබූ නිළධාරීන් වේ.
මෙම නිලධාරින් හැර වෙනත් ඕනෑම නිලධාරියෙකු, තැනැත්තෙකු හැදුනුම්පත ඉල්ලා සිටීම, පරීක්ෂා කිරීම, ළඟ තබා ගැනීම නීති විරෝධී වේ. එවැනි තැනැත්තෙකු හැදුනුම්පත ඉල්ලා සිටියහොත් ඔබට ප්‍රතික්ෂේප කළ හැක. ඉහත පනතේ නියෝග ප්‍රකාරව හැදුනුම්පත ඉල්ලා සිටීමට බලය පැවරූ නිලධාරියෙකුට ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. එනමුත් ඔබ යම් සේවාවක් ලබා ගැනීමේදී ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔබගේ කැමැත්ත පරිදි හැඳුනුම්පත ඉදිරිපත් කළ හැකිය.
ඇතැම් උපකරණ හෝ සේවා ලබා ගැනීම සදහා ඇතැම් පෞද්ගලික ආයතන හැදුනුම්පත ඇපයට තබාගන්නා අවස්ථා ඇත. එසේ හැදුනුම්පත වෙනත් තැනැත්තකු හෝ ආයතනයක් භාරව තැබිය හැකිද? හැදුනුම්පත ඇපයට තබා කිසිදු උපකරණයක් හෝ සේවාවක් ලබා ගැනීම නීත්‍යානුකූල නොවේ.
තමන් සතු හැඳුනුම්පත අන්සතු කළ හැකිද? අන්සතු කළ නොහැක.
|