![]() |
||
ජංගම සේවය
ජංගම සේවාවන්හිදී ඉටු කරන කාර්යය හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාර්යය දැනට කොළඹ පිහිටි දෙපාර්තමේන්තු පරිශ්‍රය තුලදී පමණක් සිදු කරනු ලැබේ . එසේ හෙයින් දුර බැහැර ප්‍රදේශවල සිටින ජනතාවට පහසුකම් සැපයීමේ අරමුණින් ජංගම සේවාවන් පවත්වනු ලැබේ. එහිදී එක් එක් ප්‍රදේශයන්හි සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් හඳුනා ගැනීමේ පත්‍ර සඳහා අදාල ඉල්ලුම් පත්‍ර භාරගැනීම සිදුකරන අතර ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජංගම සේවා පැවැත්වෙන ස්ථානයට රැස්වී ඉල්ලුම්පත්‍ර අඩුපාඩුවකින් තොරව භාර ගැනීමේ කර්තව්‍ය පහසු කරනු ලැබේ. එකී ඉල්ලුම්පත් සඳහා ඉතා කෙටි කාලයක් තුල හැඳුනුම්පත් සකස් කර ඉල්ලුම්කරුවන් වෙත ලැබෙන්නට සලස්වනු ලැබේ.
අරමුණු
|
||
හැදුනුම්පත ලබාගැනීම සදහා මහජනයාට පහසු ප්‍රවේශයක් ලබාදීම පිණිස දෙපාර්තමේන්තුව ජංගම සේවාවන් ක්‍රියාත්මක කරනු ලබයි. |
||