විශ්වසනීය පුද්ගල අනන්‍යතාව හැඳුනුම්පතයි
Hit Counter පැමිණි අමුත්තන්
 

ඇතුගල් පුරයට හැඳුනුම්පත් කාර්යාලයක් ......


තිරසර යුගයක් සඳහා වූ අතිගරු ජනාධිපතිතුමන්ගේ අභිලාශය පෙරදැරිව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ  මඟපෙන්වීම අනුව ඓතිහාසික ඇතුගල් පුරවරයේ ඉදිකරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාල පරිශ්‍රය අභ්‍යන්තර කටයුතු , වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු පාලිත තෙවරප්පෙරුම මැතිඳුන් හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිඳුන්ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් 2017.02.12 වන දින පෙ.ව.9.00 ට විවෘත කෙරිණ. තව කියවන්න >>

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

2016 වසරේ සිට ජාතික හැදුනුම්පත් අංකයේ සංශෝධනයක්


ජාතික හැදුනුම්පතේ මෙයට පෙර භාවිතා වූ ඉලක්කම් නවයකින් යුතු අංකය වෙනුවට සියලුම පුද්ගලයන්ගේ හැදුනුම්පත් අංකය 2016 වසරේ සිට සංශෝධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇත. තව කියවන්න >>

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා තාක්ෂණික කාඩ්පතක්

තාක්ෂණික දියුණුවත් සමග සුවිශේෂී වෙනස්කම් කිහිපයක් ඔස්සේ කටයුතු කරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සියලු  ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා නුදුරු අනාගතයේදී අන්තර් කාලීන ජාතික හැදුනුම්පත නම් වූ නව තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල හා ඉතා සූක්ෂම ආරක්ෂිත ලක්ෂණ වලින් සමන්විත කාඩ්පතක් හඳුන්වාදීම සඳහා කටයුතු සිදුකරමින් පවතී. තව කියවන්න >>