අභ්‍යන්තර කටයුතු ඒකකය


ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025 පෙබරවාරි 18 දිනැති චක්‍රලේඛය අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදි.

පැමිණිලි ඉදිරිපත් කිරීම

පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිළධාරියෙකු සම්බන්ධයෙන් හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් හෝ වන පැමිණිලි මෙන්ම එහි සේවා වැඩිදියුණු කිරීම සඳහා වන යෝජනා ද පහත සඳහන් ක්‍රමවේදයන් ඔස්සේ අභ්‍යන්තර කටයුතු ඒකකයට ඉදිරිපත් කළයුතු වේ.

විද්‍යුත් ලිපිනය :- iau_unit@drp.lk
දුරකථන අංකය :- 011-5226176
අභ්‍යන්තර දු.අංකය :- 1963
තැපැල් ලිපිනය :- පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 10 වන මහල, සුහුරුපාය, ශ්‍රී සුභූතිපුර පාර, බත්තරමුල්ල.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  1. ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට කටයුතු කිරීම.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය

ඒකකයේ තනතුර නම ස්ථිර තනතුර විද්‍යුත් ලිපිනය
1. ඒකක ප්‍රධානි කේ.එච්.ජේ.එල්.සේනාරත්න මිය අතිරේක කොමසාරිස් ජනරාල් jayaminisenarathna.acg2@gmail.com
2. සුපිළිපන්න නිලධාරී එස්.ඒ.එරන්තිකා ඩබ්. කුලරත්න මිය කොමසාරිස් (සංවර්ධන හා පර්යේෂණ) com_rd@drp.lk
3. සාමාජික ආර්.එම්.එම්.ආර්.රත්නායක මිය කළමනාකරණ සේවා නිලධාරි ramyarathnayaka1967@gmail.com
4. සාමාජික පී.පී.වරුණි සමන්තිකා මිය කළමනාකරණ සේවා නිලධාරි warunisamanthikapp@gmail.com
5. සාමාජික ඒ.ඒ.සී.එන්.බණ්ඩාර මයා කළමනාකරණ සේවා නිලධාරි chathurabamarasingha@gmail.com
6. සාමාජික කේ.පී.එස්.ආර්.විජේතුංග මිය කළමනාකරණ සේවා නිලධාරි shalanikaw@gmail.com
7. සාමාජික ඒ.ඩබ්.එම්.වාරිස් මයා කළමනාකරණ සේවා නිලධාරි mwarish@gmail.com
8. සාමාජික පී.ඒ.එස්.පතිරාජ මිය සංවර්ධන නිලධාරි Sagarika.pathiraja@gmail.com
9. සාමාජික ආර්.ජේ.එච්. විජේවර්ධන මහතා කළමනාකරණ සේවා නිලධාරි julanhansakanet@gmail.com
10. සාමාජික ඊ.එම්.බටගම මිය කළමනාකරණ සේවා නිලධාරි erandiymadushanka@gmail.com
11. සාමාජික එම්.කේ.ගමගේ මයා සංවර්ධන නිලධාරි mkgamage1975@gmail.com
12. සාමාජික පී.ඒ.ඩී.සමීර මයා සංවර්ධන නිලධාරි dsamee506@gmail.com
13. සාමාජික ඩී.එන්.යූ. වික්‍රමසිංහ මිය සංවර්ධන නිලධාරි uraniwickramasinghe@gmail.com
14. සාමාජික ආර්.ඒ.ටී.ඔමේෂ් මයා සංවර්ධන නිලධාරි thisalomesh1992@gmail.com
15. සාමාජික ඒ.කේ.බී.එස්.දේශප්‍රිය මයා සංවර්ධන නිලධාරි akbsdeshapriya@gmail.com
16. සාමාජික එස්.ටී.උග්ගකුඹුර මිය සංවර්ධන නිලධාරි shiwanthiukgahakumbura@gmail.com
17. සාමාජික වයි.එම්.ඩී.ඩී.යාපා මයා සංවර්ධන නිලධාරි dnanushkay@gmail.com


අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්

  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛය පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
  2. දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assessment) සිදු කිරීම මගින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඊට අදාල වැළැක්වීමේ පියවර ගැනීම.
  3. ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමග ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
  5. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම.
  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරිම.
  7. ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම. එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබාදීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  8. ආයතන විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
  9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක සේවා පරිශ්‍රයක් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
  10. දූෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්‍රේරණය ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
  11. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මගින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම් (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකිරීම.
  12. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සම්බන්ධතා පවත්වා ගැනීම.
  13. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශ ගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
  14. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නභාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.