දැක්ම

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම තහවුරු කරන ලද අනන්‍යතාවයක්.

මෙහෙවර

සිය දේශය තුළ දී සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව, සමාජ, ආර්ථික, දේශපාලනික සහ නීතිමය අයිතිවාසිකම් සුරැකෙන අයුරින් ද, සිය දේශයෙන් බැහැර වූ අවස්ථාවල ආරක්ෂාව සැලසෙන අයුරින් ද, ඔවුන්ගේ තොරතුරු ඇතුලත් කොට ජාතික පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම, කිසියම් පුරවැසියෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගත යුතු අවස්ථාවල දී ජාතික හා අනෙකුත් ආයතනවලට තොරතුරු සැපයීම සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට හා සංවර්ධනයට සහය වීම.

වගකීම්

  • සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල දත්ත ගබඩාවක් ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  • නිසි වයස සම්පූර්ණ වූ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම ලියාපදිංචි කර, ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම.
  • ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ පුද්ගල තොරතුරු තහවුරුකර සහතික කිරීම.
  • රාජ්‍ය හා අනෙකුත් ආයතන සමග තොරතුරු හා දැනුම හුවමාරු කර ගැනීම.
  • නූතන තාක්ෂණික දැනුම හා මානව සම්පත් සංවර්ධනය තුළින් දෙපාර්තමේන්තුවේ ශක්‍යතාවය ගොඩනැගීම.
  • ජාතික ආරක්ෂාවට හා රටේ සංවර්ධන ක්‍රියාවලියට සහය වීම.

කාර්යභාරය

  • සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම පුද්ගල තොරතුරු රැස්කර ජාතික පුද්ගල නාමලේඛනය විද්‍යුත් මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කර පවත්වාගෙන යාම.
  • සුදුසුකම්ලත් සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ම විශ්වසනීය ලෙස හඳුනාගැනීම සඳහා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම.
  • ජාතික ආරක්ෂාව හා රටේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම, නෛතික හා ප්‍රතිපත්තිමය එකගතා අනුව තොරතුරු හුවමාරු කිරීම හා එම තොරතුරු සත්‍යාපනය කිරීම.

පරමාර්ථය

සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුගේම තොරතුරු විද්‍යුත් මධ්‍ය දත්ත ගබඩාවක, ජාතික පුද්ගල නාම ලේඛනයක් ලෙස ස්ථාපිතකර, හිමිකම් සහිත පුරවැසියන් හදුනාගැනීම උදෙසා,විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කරමින් නෛතික දත්ත හුවමාරු පද්ධතියක් තුල අනෙකුත් ආයතන සමග තොරතුරු හුවමාරු කර ගනිමින්, ජාතික ආරක්ෂාව හා ආර්ථික සංවර්ධනය උදෙසා පහසුකම් සැලසීම.