ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉල්ලුම්පත් භාරදිමේ සිට ජාතික හැඳුනුම්පත සකස් කිරීම දක්වා කාර්යය සිදුකිරීම සඳහා පියවර 16 ක් පවතියි. ඉදිරිපත් කර ඇති තොරතුරු/ ලේඛනවල ගැටලු පවතින අවස්ථාවකදී හැර අනෙකුත් සියලුම අවස්ථාවන්හි දී, ඉල්ලුම්පත භාරදී මාස 03 ක් ඇතුලත ජාතික හැඳුනුම්පත ඉල්ලුම්කරුගේ පුද්ගලික ලිපිනය වෙත තැපැල් කිරීම සිදු කරයි. එක්දින සේවාවෙන් ජාතික හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඉල්ලුම්පත් භාරදීමේ සිට ජාතික හැඳුනුම්පත සකස් කිරීම දක්වා කාර්යය සිදු කිරීම සඳහා පියවර 16 ක් පවතියි. ඉදිරිපත් කර ඇති තොරතුරුවල ගැටලු පවතින අවස්ථාවක දී හැර අනෙකුත් සියලුම අවස්ථාවන්හි දී, ඉල්ලුම්පත භාර දී පැය 03 ක් ඇතුලත ජාතික හැඳුනුම්පත ලබා ගත හැක.
නව සුහුරු ජාතික හැඳුනුම්පතෙහි, ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය අංක 12කින් සමන්විත වේ.ඒ අනුව පැරණි ජාතික හැඳුනුම්පත් අංකයේ අවසානයේ ඇති v අක්ෂරය හෝ X අක්ෂරය ඉවත්වී අවසන් අංක 04ට පෙර “0” එකතු වන අතර, ජාතික හැඳුනුම්පත් අංකය උපන් වර්ෂයෙන් ආරම්භ වේ. එනම් 19 න් ආරම්භ වේ.
1948 අංක 18 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) යටතේ ද්විත්ව පුරවැසිභාවය, ලබා ගත් පුද්ගලයෙකුට උපතින් හිමි වන ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි වන අතර, ඒ සමගින් ඔහු / ඇය ගේ මෙතෙක් භාවිත කළ ජාතික හැඳුනුම්පත් අංකය ද අවලංගු වේ.
නැත. ආබාධිත තත්ත්වයේ පසුවන පුද්ගලයෙකුගේ ICAO ප්‍රමිතියෙන් යුතු ජාතික හැඳුනුම්පත් ඡායාරූපයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි ඡායාරූපාගාරක් වෙත රැගෙන යාම අපහසු අවස්ථාවක දී, නිවසට ආසන්නතම ඡායාරූපාගාරයක් සමග සාකච්ඡා කර ඡායාරූප ශිල්පියකු නිවසට කැඳවාගෙන පැමිණ ඡායාරූපය ලබා ගත හැකිය.
එසේ අපහසු අවස්ථාවක දී, ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව 0115226174 දරණ දුරකථන අංකය අමතා වැඩිදුරටත් තොරතුරු විමසිය හැකිය.
ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම්කරු පැමිණීම අනිවාර්යය වේ.
ආබාධිත තත්ත්වයේ පසුවන පුද්ගලයෙකු/ ඉතා වයස්ගත පුද්ගලයෙකු/රෝහල්ගත කර ඇති පුද්ගලයෙකු/ දරුණු රෝගී තත්ත්වයකින් පසුවන පුද්ගලයකු හෝ දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමට බොහෝ සෙයින් අපහසු පුද්ගලයෙකුගේ අපහසුතාවය සඳහන් කරමින් ග්‍රාම නිලධාරී විසින් බලය පවරන ලද ලිපියක් රැගෙන පැමිණෙන මව /පියා / බිරිඳ / ස්වාමිපුරුෂයා හෝ ළඟම ඥාතීත්වයක් ඇති පුද්ගලයෙකු වෙත පමණක් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම සිදු කරනු ලබයි.
මියගිය පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් අවභාවිත වීම වැළැක්වීම හා අන්සතු ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් මියගිය පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පතක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත හෝ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශිය කාර්යාලයක් වෙත හෝ වසමේ ග්‍රාම නිලධාරී වෙත භාරදීම අනිවාර්ය වේ.
පුද්ගලයා මියයාමෙන් අනතුරුව ඥාතීන් විසින් සිදු කරනු ලබන විමසීමකදී අවශ්‍ය ලේඛන ලබාගැනීමෙන් පසු මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කරමින් ලිපි ලබා දීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයේ ද සිදු කරනු ලබන අතර, මේ සඳහා රු.500.00 ක රජයේ ගාස්තුවක් අය කරනු ලබයි.
පුද්ගලයාගේ අවශ්‍යතාවය මත විදේශ ධූත මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු ලිපි ලබා දීමේ දී විදේශ කටයුතු
අමාත්‍යාංශයේ එකඟතාවය සහිතව ලිපි නිකුත් කරනු ලබයි.
එහෙයින් ජාතික හැඳුනුම්පත් අංක තහවුරු කිරීමේ ලිපිය ඉල්ලා සිටීමට පෙර සුහුරු ජාතික හැඳුනුම්පත ලබාගෙන තිබීම අනිවාර්යය වේ.
ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කිරීමේ ලිපි ලබා ගැනීම සඳහා රජයේ ගාස්තුව ලෙස රු.500.00 ක මුදලක් ගෙවිය යුතුය.
යම් මූල්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් විසින් යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුළ නොමැති බවට දන්වමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ niclookup_ccu@drp.lk. යන email ලිපිනය වෙත දැනුවත් කළහොත්, ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කරමින් අදාල ආයතනය වෙත තොරතුරු ලබා දීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අංක තහවුරු කිරීමේ අංශය මගින් සිදු කරනු ලබයි.
උදා:- පැරණි ජා.හැ. අංකය :- 855420159 V
නව ජා.හැ. අංකය :- 19 85542 0 159
ඔබගේ නව ජාතික හැඳුනුම්පත් අංකයට අමතරව, පැරණි ජාතික හැඳුනුම්පත් අංකය ජාතික හැඳුනුම්පතෙහි පිටුපස මුද්‍රණය වී ඇති බැවින් හා ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් වීම පිළිබඳව බැංකු/ මූල්‍ය ආයතන ඇතුළු සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බැවින්, ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා එය ගැටලුවක් නොවනු ඇත.
එබැවින් ඔබ විසින් ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව, ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කළ පසු ලැබෙන ජාතික හැඳුනුම්පතෙහි අංකය පෙර භාවිත කළ අංකයට වඩා වෙනස් වන අතර, ඒ බව සඳහන් කරමින් අංකය තහවුරු කළ ලිපියක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලබයි.
පුරවැසි පනතේ 19(3) යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් පසු ඔබගේ උපතින් ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි නොවන බැවින්, ද්විත්ව පුරවැසි සහතිකය ලබා ගත් පසු ඔබ විසින් නැවත වරක් ජාතික හැඳුනුම්පතක් සඳහා ඉල්ලුම් කිරීම අත්‍යාවශ්‍ය නොවේ. සංශෝධනයක් හෝ අස්ථානගතවීමක් නිසා ඔබ විසින් නව ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම් කිරීමේ දී පැරණි අංකය වෙනස් නොවන අතර, අංක 12 කින් යුතු නව සුහුරු හැඳුනුම්පත ඔබට ලබා ගත හැකිය.
එසේම සෑම අවස්ථාවකදීම ජාතික හැඳුනුම්පත හිමි මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියකු විසින් අංක තහවුරු කර ගැනීමේ ඉල්ලීමේ ලිපිය ඉදිරිපත් කළ යුතු අතර, ළඟම ඥාතියකුට පැමිණිය නොහැකි අවස්ථාවක දී පමණක් ග්‍රාම නිලධාරී නිර්දේශය සහිත බලය පවරනු ලබන පුද්ගලයෙකු වෙත ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබා දෙනු ලබයි.