කොමසාරිස් ජනරාල්
ජී.ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා
කොමසාරිස් ජනරාල්
දුරකථන : 011 286 2 255
ෆැක්ස් : 011 286 2 198
විද්‍යුත් තැපෑල : com.general.drp@gmail.com
අතිරේක කොමසාරිස් ජනරාල්
ආර්.එල්.එස්.පී. ස්වර්ණලතා මිය
අතිරේක කොමසාරිස් ජනරාල්
දුරකථන : 011 522 6 103
ෆැක්ස් : 011 286 2 201
විද්‍යුත් තැපෑල : adcg@drp.lk
පාලන අංශය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මානව සම්පත මෙහෙයවීම, කළමනාකරණය හා සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ මෙම අංශය වෙත වන අතර, ඒ අනුව දෙපාර්තමේන්තු නිලධාරීන් බඳවා ගැනීම්, පත්කිරීම්, උසස් කිරීම් , ස්ථානමාරු, විශ්‍රාම ගැන්වීම්, විනය කටයුතු හා පෞද්ගලික ලිපි ගොණු යාවත්කාලීන කිරීම එහි මූලික කාර්යයන් වේ.
මෙහි දී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ දේශීය හෝ විදේශීය නිවාඩු සම්බන්ධ රාජකාරී සිදු කිරීම, කාර්යමණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම, දෙපාර්තමේන්තු ප්‍රවාහන රාජකාරි කටයුතු සිදු කිරීම, නඩත්තු කටයුතු හා සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීම සහ ගෙවීම් සිදු කිරීමට අදාල කටයුතු සලසා දීම, දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අග්‍රහාර රක්ෂණයට අදාල රාජකාරි සිදු කිරීම, දෙපාර්තමේන්තුව වෙත යොමුවන හා දෙපාර්තමේන්තුව වෙතින් යොමු කරනු ලබන ලිපි (තැපෑල) සම්බන්ධව කටයුතු කිරීම ආදී කාර්යයන් විනිවිදභාවයකින් යුතුව මෙහෙයවීම ද සිදු කරනු ලබයි.

කොමසාරිස්
...
  නම : තුෂාරි ප්‍රසංගිකා සූරියආරච්චි මිය
  දුරකථන :0112862202/5226105
  ෆැක්ස් : 0112862363
  විද්‍යුත් තැපෑල :com_ admin@drp.lk
නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : ඩබ්.අයෝධ්‍යා.එස්.ජයවර්ධන මිය
  දුරකථන අංක : 0115226136
  ෆැක්ස් : 0112862137
  විද්‍යුත් තැපෑල :ac_adm@drp.lk
මෙහෙයුම් අංශය

ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව මෙහෙයවීමේ කාර්යභාරය පැවරී ඇත්තේ මෙම අංශය වෙතය. ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් වෙත විශ්වසනීය අනන්‍යතාවයක් ලබා දීමේ දී, ශාඛා 16 ක් යටතේ සිදුවන ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම, සංවිධානය කිරීම මෙහෙයවීම හා අධීක්ෂණය සිදු කරනු ලබන්නේ මෙම අංශය විසිනි. 9 වන මහළ B පර්යන්තයේ පිහිටුවා ඇති මෙහෙයුම් අංශය මගින් ජාතික හැඳුනුම්පත ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම, 1948 අංක 19 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත් තැනැත්තන් විසින් පුරවැසි භාවය ඉල්ලුම් කිරීමට පෙර භාවිත කළ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර ගැනීම, මියගිය පුද්ගලයන්ගේ හා අස්ථානගත වී නැවත ලැබුණු ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර ගැනීම, පාසල් ඉල්ලුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් සකස් කිරීම සම්බන්ධව තොරතුරු ලබා දීම හා පාසල් ඉල්ලුම්කරුවන් වෙත තොරතුරු තහවුරු කිරීමේ ලිපි නිකුත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ආපසු ලැබෙන ජාතික හැඳුනුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම හා නැවත නිකුත් කිරීම, ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ජංගම සේවා වැඩසටහන් සංවිධානය කිරීම සහ බන්ධනාගාර රැඳවියන් සඳහා ජාතික හැඳුනුම්පත් සකස් කිරීම ආදී සේවා සැපයීමද සිදුකරනු ලබයි.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීම, අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම පහසු කරවීම සඳහා මෙම අංශය පහත පරිදි සංවිධානය කර ඇත.


















කොමසාරිස්
com(op)
  නම : ජී.ඩී. නදීකා මිය
  දුරකථන අංක : 0115226106
  ෆැක්ස් : 0112862290
  විද්‍යුත් තැපෑල : com_op@drp.lk
නියෝජ්‍ය කොමසාරිස්
dc(op)
  නම :කේ.එම්.එම්. චමින්ද මහතා
  දුරකථන අංක : 0115226112
  ෆැක්ස් : 0112862290
  විද්‍යුත් තැපෑල :ac_op2@drp.lk

සංවර්ධන හා පර්යේෂණ අංශය

අප දෙපාර්තමේන්තුවේ මානව සම්පත අභිප්‍රේරණය කරමින් ඔවුන්ට අවශ්‍ය වන පුහුණු අවස්ථා ලබා දීමත්, දැනුම, ආකල්ප හා කුසලතා තුලින් සන්නද්ධ රාජ්‍ය සේවක පිරිසක් බිහි කිරීමත් ප්‍රධාන කාර්යභාරයයි. තවද ප්‍රියමනාප කාර්යාල පරිසරයක් ගොඩනැගීමේදී වැඩ අවසන් ඉල්ලුම්පත් අපහරණය කිරීමේ කටයුතු සිදු කිරීම හා දෙපර්තමේන්තු ඵලදායීතාව ප්‍රවර්ධනය මහජනතාවට කාර්යක්ෂමව සේවා සපයන විශිෂ්ඨ ආයතනයක් බවට පත්කිරීමද අරමුණ වී ඇත. තිරසර සංවර්ධනය විෂයය යටතේ නීති රෙගුලාසි සලකා බලා 1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයට අදාල කටයුතු සිදුකිරීමත්, දෙපාර්තමේන්තුව සම්බන්ධ සියළුම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පිළිබද කටයුතු සම්බන්ධීකරණය කිරීමත්, තොරතුරු දැනගැනීමේ පනතෙහි කටයුතු සිදු කිරීමත්, තොරතුරු ආරක්ෂන පනත (SLIN) ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සම්බන්ධීකරණය කිරිම හා උප්පැන්න සහතිකයට ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරමට අදාලව සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම මගින් කාර්යක්ෂම හා සුහදශීලී සේවාවක් සැපයීම ද සිදු කරනු ලබයි.

කොමසාරිස්
...
  නම : එස්.ඒ. එරන්තිකා ඩබ්. කුලරත්න මිය
  දුරකථන අංක : 011526104
  ෆැක්ස් : 0112862231
  විද්‍යුත් තැපෑල : com_rd@drp.lk
තොරතුරු තාක්ෂණ අංශය

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම තහවුරු කරන ලද අනන්‍යතාවයක් ලබා දීමේ දී, අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමටත්, නව ව්‍යාපෘති ආරම්භ කිරීමටත්, දීප ව්‍යාප්ත මට්ටමින් තොරතුරු තාක්ෂණික සේවාවන් සැපයිම සඳහා මැදිහත් වී කටයුතු කිරීමත් තොරතුරු තාක්ෂණ ශාඛාවේ ප්‍රධාන කාර්යභාරය වේ. එහිදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කරමින් අඛන්ඩ සේවාවක් සහිතව පුද්ගල රහස්‍යභාවයට සහ අනන්‍යතාවයට හානියක් නොවන පරිදි කටයුතු කිරීමටත්, දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ බිඳවැටීම් නිරාකරණය කරමින් පරිගණක නඩත්තු කටයුතු සිදු කිරීමටත්, සර්වර් පද්ධතිය හා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල හා ප්‍රාදේශිය කාර්යාල ඒකාබද්ධ කරමින් ජාලගත තාක්ෂණික සේවාවක් සැපයීම සිදුකරයි.

කොමසාරිස්
...
  නම : එම්.ඊ. වීරසිංහ මහත්මිය
  දුරකථන අංක : 0115226127
  ෆැක්ස් : 012862168
  විද්‍යුත් තැපෑල : com_it@drp.lk
ගිණුම් අංශය

දෙපාර්තමේන්තුවේ සමස්ත ඉලක්කයන් ලඟා කර ගැනීමට සහාය වන පරිදි රාජ්‍ය මූල්‍ය රීතිවලට අනුකූලව විනිවිදභාවයකින් හා වගවීමකින් යුතුව නිවැරදි මූල්‍ය පාලනයක් පවත්වාගෙන යාම මෙම අංශය මගින් සිදුකරනු ලබයි.

ප්‍රධාන ගණකාධිකාරී
...
  නම : ඩී.එස්. සමරවික්‍රම මයා
  දුරකථන අංක : 0112862251
  ෆැක්ස් : 0112862267
  විද්‍යුත් තැපෑල : ca@drp.lk
ගණකාධිකාරී (ගෙවීම්)
...
  නම : පී.ඩී.සී.සී. ඉලංගරත්න මිය
  දුරකථන අංක :0115226137
  විද්‍යුත් තැපෑල :accnt2@drp.lk
ගණකාධිකාරී (ප්‍රසම්පාදන)
...
  නම: ජේ.ජී.ඒ්.ටී. කුමාර මයා
  දුරකථන අංක : 0115226172
  විද්‍යුත් තැපෑල :accnt1@drp.lk
අභ්‍යන්තර විගණන අංශය

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ස්ථාපිත කරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු, විනිවිදභාවයකින් යුතුව සාධාරණව පවත්වා ගැනීම උදෙසාත්, පුද්ගල වැරදි සහ වංචා අනාවරණය කර ප්‍රධාන ගණන්දිමේ නිළධාරියා වෙත වාර්තා කිරීම, එවැනි වංචා වළක්වා ගැනීම සඳහා සහාය දීම උදෙසාත් කටයුතු කරනු ලබයි. මෙහිදී, අභ්‍යන්තර විගණන සැළසුම් සකස් කිරීම, ආයතනයේ මෙහෙයුම්, පරිපාලන, තොරතුරු සහ ගිණුම් පද්ධතීන් සම්බන්ධව අවධානය යොමු කිරීම, වාර්තා වූ හෝ හඳුනා ගන්නා ලද දෙපාර්තමේන්තු අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, විමර්ෂණයන් සිදු කිරීම, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් වරින්වර නිකුත් කරනු ලබන උපදෙස් අනුව යමින් ප්‍රතිපත්තිගත හා විනයානුකූල වූ සාධාරණ සේවාවක් ලබා දීම තහවුරු කරනු පිණිස කටයුතු කරනු ලබයි.

ප්‍රධාන අභ්‍යන්තර විගණක
...
  නම : ජේ.කේ.ඩී. නිලන්ති මිය
  දුරකථන අංක : 0112862156/0115226120
  විද්‍යුත් තැපෑල : auditdrp@gmail.com