එක්දින සේවා අංශය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවා අංශය මගින් මහජනතාව වෙත කඩිනම් හා විශ්වසනීය සේවාවක් සපයනු ලබයි. ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව, ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් වෙත එක්දින සේවාව මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලබයි.
එක්දින සේවාව සඳහා දින වෙන් කරගෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ඉල්ලුම්කරුවන් ප්‍රථමයෙන් යොාමු යුත්තේ සංහිද සේවා පරිශ්‍රයට යි.මෙහි දී උදෑසන 7.30 සිට ඉල්ලුම්කරුවන් වෙත පැමිණීමේ අනුපිළිවෙලට අංක ලබා දීම හා සංහිඳ පරිශ්‍රය වෙත ඇතුළු කර ගැනීමට කටයුතු කරනු ලබයි.
එක්දින සේවා අංශය 9 වන මහළේ A,D හා C පර්යන්තය තුල ස්ථාපිත කර ඇත. 9 වන මහළේ D පර්යන්තය වෙත ඉල්ලුම්පත භාර දී එක්දින සේවා ගාස්තුව ගෙවීමෙන් පසුව, ජාතික හැඳුනුම්පත සකස් වන තුරු ඉල්ලුම්කරු 9 වන මහළේ C පර්යන්තයේ රැඳී සිටිය යුතුය. ජාතික හැඳුනුම්පත සකස් වූ පසු දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලබන කෙටි පණිවුඩය ලැබීමෙන් පසු 9 වන මහලේ A පර්යන්තය වෙත පැමිණ ඉල්ලුම්කරුට තම ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි වේ. තව ද දකුණු පළාත් කාර්යාලය මගින් ද ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතු සිදු කරනු ලබයි.


නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : ආර්.එම්.පී.සී. ජයරත්න මහතා
  දුරකථන අංක : 011 5226165
  විද්‍යුත් තැපෑල : ac_ods@drp.lk