මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කිරීමට සපුරා ගත යුතු මූලික සුදුසුකම්

ශ්‍රී ලංකා පුරවැසියකු වන හා වයස අවුරුදු 15 ට එළඹ ඇති හෝ එළඹෙන සෑම තැනැත්තෙක්ම ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම

ඉල්ලුම්කරු ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා
1. පාසල් ඉල්ලුම්කරුවන් විදුහල්පති හෝ පරිවේණාධිපති
2. ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ ඉල්ලුම්කරුවන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්ය වේ).
3. ඉහත මූලික සුදුසුකම් සම්පූර්ණ කළ වතු පදිංචිකරුවන් වතු අධිකාරී

ජාතික හැඳුනුම්පතක් ඉල්ලුම්කරන සෑම ඉල්ලුම්කරුවෙක්ම ඉහත සඳහන් පරිදි සහතික කිරීමේ නිලධාරීන් මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ.

ගාස්තු/දඩ මුදල් අය කිරීම

1 මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා (නව ගාස්තු අය කිරීම පිළිබඳ දැන්වීම) ගාස්තුව රු.200.00
2 සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00
3 වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට වසරක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00
4 පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 06 ක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500.00

ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.

ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
  3. මාස 06ක කාලයක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
  4. ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
  1. උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හෝ ලේඛණ සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය සනාථ කළ හැකි ලේඛණයක් (දරුවකුගේ උප්පැන්න සහතිකය/ ඉල්ලුම්කරුගේ පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ තහවුරු කරන ලද කේන්දර පිටපත/ ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය/ ඉල්ලුම්කරුගේ පුරවැසි සහතිකය/ ඉල්ලුම්කරුගේ උපන් දිනය විදුහල්පති විසින් සනාථ කරන ලද ලේඛණය)
  2. ශ්‍රී ලාංකික මවකට හෝ පියෙකුට දාව විදේශයකදී උපත ලද පුද්ගලයෙක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය (පුරවැසි සහතිකයක ආදර්ශ පිටපත)
  3. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තෙක් නම්, ද්විත්ව පුරවැසි සහතිකය(ද්විත්ව පුරවැසි සහතිකය ආදර්ශ පිටපත)
  4. පූජ්‍ය පක්ෂය සදහා නම්, පහත සඳහන් ලේඛණද ඉදිරිපත් කළ යුතුය
  5. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
    අනෙකුත් ආගමික පූජකවරුන්, අදාල දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබාගත් සහතික
    පැවිදි භාවය/පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබාගත් සහතික
  6. උචිත නියමිත කාලසීමාව තුලදී ලියාපදිංචි වීමට ඉල්ලුම් නොකරන ලද ඉල්ලුම්කරුවෙක් නම්,
  7. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද පු/ලි/දෙ/මෙ/02/03/ආකෘතිය පත්‍රය
    නියමිත දඩ මුදල් ගෙවූ කුවිතාන්සිය
  8. ස්වාමිපුරුෂයාගේ නම හෝ වාසගම ලබා ගැනීමට ඉල්ලුම්කරන්නේ නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද විවාහ සහතිකය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

සාමාන්‍ය සේවය විදුහල්පති හෝ පරිවේනාධිපති මගින් යොමු කෙරෙන ඉල්ලුම්පත් දෙපාර්තමේන්තුව වෙත හෝ අදාල පළාත් කාර්යාල වෙත ඉල්ලුම්පත් යොමු කළ පසු ජාතික හැඳුනුම්පත ඉල්ලුම්කරු වෙත තැපැල් මගින් නිකුත් කරනු ලැබේ.
ග්‍රාම නිලධාරී මගින් යොමු කෙරෙන ඉල්ලුම්පත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හැඳුනුම්පත් අංශය විසින් ඉල්ලුම්පත් හා අදාල ලේඛණ දෙපාර්තමේන්තු පද්ධතියට යොමු කිරීමෙන් පසු ඉල්ලුම්කරු වෙත තැපැල් මගින් නිකුත් කරනු ලැබේ.
එක්දින සේවය එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබා ගත හැකිය.
එක්දින සේවය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා
නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම

ජාතික හැඳුනුම්පත නැතිවූ පුද්ගලයකු විසින් ඒ පිළිබඳව වහාම ලඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කර, නැතිවූ ජාතික හැඳුනුම්පත වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොපමාව ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම

ඉල්ලුම්කරු ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා
ජාතික හැඳුනුම්පත නැතිවූ වතු පදිංචිකරුවෙක් නම් වතු අධිකාරී
ජාතික හැඳුනුම්පත නැතිවූ වතු පදිංචිකරුවෙක් නොවන ඕනෑම ඉල්ලුම්කරුවෙක් නම් ග්‍රාම නිලධාරී මගින් (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්යය වේ)

සෑම ඉල්ලුම්කරුවෙක්ම අදාල සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ.

ගාස්තු අය කිරීම

1 නැතිවූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව(නව ගාස්තු අය කිරීම පිළිබඳ දැන්වීම) රු.1000.00
2 සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00

ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. පොලිස් පැමිණිල්ලේ මුල් පිටපත
  3. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
  4. මාස 06ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
  5. ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
  1. උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හෝ ලේඛණ සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය සනාථ කළ හැකි ලේඛණයක් (දරුවකුගේ උප්පැන්න සහතිකය/ ඉල්ලුම්කරුගේ පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ තහවුරු කරන ලද කේන්දර පිටපත/ ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය/ ඉල්ලුම්කරුගේ පුරවැසි සහතිකය/ ඉල්ලුම්කරුගේ උපන් දිනය විදුහල්පති විසින් සනාථ කරන ලද ලේඛණය)
  2. උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති වයස අවුරුදු 40 ට වැඩි ඉල්ලුම්කරුවෙක් නම්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් නිකුත් කරනු ලබන ලේඛණ සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය තහවුරු කිරීම සඳහා විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හා නම හා උපන්දිනය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් (දරුවකුගේ උප්පැන්න සහතිකයක්/ ඉල්ලුම්කරුගේ පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වැඩිහිටි හැඳුනුම්පත / ඉල්ලුම්කරුගේ භෞතීස්ම සහතිකය)
  3. ශ්‍රී ලාංකික මවකට හෝ පියෙකුට දාව විදේශයකදී උපත ලද පුද්ගලයෙක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය
  4. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තෙක් නම් ද්විත්ව පුරවැසි සහතිකය.(ද්විත්ව පුරවැසි සහතිකය ආදර්ශ පිටපත)
  5. පූජ්‍ය පක්ෂය සදහා නම්, පහත සදහන් ලේඛණද ඉදිරිපත් කළ යුතුය.
  6. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
    අනෙකුත් ආගමික පූජකවරුන් අදාල දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබාගත් සහතික
    පැවිදිභාවය/පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබාගත් සහතික
  7. ස්වාමිපුරුෂයාගේ නම හෝ වාසගම ලබා ගැනීමට ඉල්ලුම්කරන්නේ නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද විවාහ සහතිකය
  8. ඉල්ලුම්කරු භාවිතා කළ බවට සඳහන් ජාතික හැඳුනුම්පත් අංකයට අදාලව දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුළ වාර්තා නොමැති නම් ජාතික හැඳුනුම්පත භාවිතා කළ බවට ලිඛිත සාක්ෂියක්

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

සාමාන්‍ය සේවය ග්‍රාම නිලධාරී මගින් යොමු කෙරෙන ඉල්ලුම්පත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය විසින් ඉල්ලුම්පත් හා අදාල ලේඛණ දෙපාර්තමේන්තු පද්ධතියට යොමු කිරීමෙන් පසු ඉල්ලුම්කරු වෙත තැපැල් මගින් ජාතික හැඳුනුම්පත නිකුත් කරනු ලැබේ.
එක්දින සේවය එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබා ගත හැකිය.

ජාතික හැඳුනුම්පතක් සංශෝධනය කරගැනීම

ජාතික හැඳුනුම්පතක් පලුදු වී ඇති අවස්ථාවකදී හෝ එහි සඳහන් කරුණු මැකී ඇති අවස්ථාවකදී හෝ කියවිය නොහැකි අවස්ථාවකදී හෝ එහි සඳහන් කරුණු කියවිය නොහැකි බවට පත්වීමට ආසන්න වූ අවස්ථාවකදී හෝ ජාතික හැඳුනුම්පතේ තොරතුරු වෙනස් වී ඇති අවස්ථාවකදී හෝ ජාතික හැඳුනුම්පතේ වැරදි තොරතුරු ඇතුළත්ව ඇති බවට අවබෝධ වූ අවස්ථාවකදී වහාම ජාතික හැඳුනුම්පත සංශෝධනය කිරීම සඳහා ඉල්ලුම් කළ යුතුය.

ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීම

ඉල්ලුම්කරු ඉල්ලුම්පත සහතික කිරීමේ නිලධාරියා
1. ජාතික හැඳුනුම්පත සංශෝධනය කළ යුතු වතු පදිංචිකරුවෙක් නම් වතු අධිකාරී
2. ජාතික හැඳුනුම්පත සංශෝධනය කළ යුතු වතු පදිංචිකරුවෙක් නොවන ඕනෑම ඉල්ලුම්කරුවෙක් නම් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී (ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්යය වේ)
සෑම ඉල්ලුම්කරුවෙක්ම අදාල සහතික කිරීමේ නිලධාරී මගින් ඉල්ලුම්පත්‍රය යොමු කිරීම අනිවාර්ය වේ.

ගාස්තු අය කිරීම

1 සංශෝධිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව (නව ගාස්තු අය කිරීම පිළිබඳ දැන්වීම) රු.500.00
2 සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පත යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00

ඉහත කී ගාස්තු ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකිවේ.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. අවසන් වරට භාවිතා කළ ජාතික හැඳුනුම්පත
  3. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකය හෝ උප්පැන්න ලේඛණයෙන් උපුටාගත් සටහන
  4. මාස 06ක් ඇතුළත ලබාගත් ICAO ප්‍රමිතියෙන් යුතු ඡායාරුපය
  5. ඉල්ලුම්පත් ගාස්තුව ගෙවූ බවට කුවිතාන්සිය
  1. උප්පැන්න සහතිකය නොමැති නම් අනුමාන වයස් සහතිකය හෝ ලේඛණ සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය සනාථ කළ හැකි ලේඛණයක් (දරුවකුගේ උප්පැන්න සහතිකය/ ඉල්ලුම්කරු පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරු වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ තහවුරු කරන ලද කේන්දර පිටපත/ ඉල්ලුම්කරුගේ විවාහ සහතිකය/ ඉල්ලුම්කරුගේ පුරවැසි සහතිකය/ ඉල්ලුම්කරුගේ උපන් දිනය විදුහල්පති විසින් සනාථ කරන ලද ලේඛණය)
  2. උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති වයස අවුරුදු 40 ට වැඩි ඉල්ලුම්කරුවෙක් නම්, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් නිකුත් කරනු ලබන ලේඛණ සෙවීමේ ප්‍රතිඵල සටහන සමග නම හා උපන්දිනය තහවුරු කිරීම සඳහා විධිමත් දිවුරුම් ප්‍රකාශයක් හා නම හා උපන්දිනය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලිඛිත සාක්ෂියක් (දරුවකුගේ උප්පැන්න සහතිකයක්/ ඉල්ලුම්කරුගේ පාසල් හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වතු හැරයාමේ සහතිකය/ ඉල්ලුම්කරුගේ වැඩිහිටි හැඳුනුම්පත / ඉල්ලුම්කරුගේ භෞතීස්ම සහතිකය)
  3. ශ්‍රී ලාංකික මවකට හෝ පියෙකුට දාව විදේශයකදී උපත ලද පුද්ගලයෙක් නම් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පුරවැසි සහතිකය
  4. ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තෙක් නම් ද්විත්ව පුරවැසි සහතිකය.(ද්විත්ව පුරවැසි සහතිකය ආදර්ශ පිටපත)
  5. පූජ්‍ය පක්ෂය සඳහා, පහත සඳහන් ලේඛණද ඉදිරිපත් කළ යුතුය.
  6. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සාමණේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
    අනෙකුත් ආගමික පූජකවරුන් අදාළ දෙපාර්තමේන්තු මගින් පූජ්‍යත්වය තහවුරු කර ලබා ගත් සහතික
    පැවිදිභාවය/ පූජ්‍යත්වය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාළ දෙපාර්තමේන්තු මගින් ලබා ගත් සහතික
  7. ස්වාමිපුරුෂයාගේ නම හෝ වාසගම ලබා ගැනීමට ඉල්ලුම්කරන්නේ නම් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද විවාහ සහතිකය

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

සාමාන්‍ය සේවය ග්‍රාම නිලධාරී මගින් යොමු කෙරෙන ඉල්ලුම්පත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශය විසින් ඉල්ලුම්පත් හා අදාල ලේඛණ දෙපාර්තමේන්තු පද්ධතියට යොමු කිරීමෙන් පසු ඉල්ලුම්කරු වෙත තැපැල් මගින් ජාතික හැඳුනුම්පත නිකුත් කරනු ලැබේ.
එක්දින සේවය එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්ට සම්පුර්ණ කරන ලද ඉල්ලුම්පත් සහිතව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත හෝ ගාල්ල පළාත් කාර්යාලය වෙත පැමිණීමෙන් එම සේවාව ලබා ගත හැකිය.

එක්දින සේවය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා
ද්විත්ව පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

1948 අංක 19 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය

19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති පුද්ගලයන්ගේ පුරවැසිභාවය අහෝසි වී නැවත ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගෙන ඇති බැවින්, පැරණි ජාතික හැඳුනුම්පත් අංකය අවලංගු කළ යුතුය. එහිදි පැරණි ජාතික හැඳුනුම්පත් අංකය අවලංගු කර නව ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දෙන අතර ජාතික හැඳුනුම්පත් අංකය වෙනස් වීම තහවුරු කිරීමේ ලිපියක් ද දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරයි.

1948 අංක 19 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(3) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසිභාවය

19(3) වගන්තිය යටතේ පුරවැසිභාවය ලබාගෙන ඇත්නම් පුරවැසිභාවය අහෝසි වීමක් සිදු නොවන බැවින්, එම පුද්ගලයන්ගේ පැරණි ජාතික හැඳුනුම්පත් අංකයක් ඇත්නම් එම අංකය අවලංගු නොකරන අතර එම අංකයම නැවත ලබාගත හැකිය.

19(2) ද්විත්ව පුරවැසියන් ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය (පු.ලි.දෙ./වි/1,7,8 ආකෘති පත්‍රය)
  2. ද්විත්ව පුරවැසි සහතිකයේ මුල් පිටපත හෝ සහතික කළ පිටපතක්
  3. ජාතික හැඳුනුම්පත, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අංශය වෙත භාර දීම සඳහා ඉදිරිපත් කළ යුතු ලේඛනය
  4. ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කල දිනයේ සිට (ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කරන දිනය අතර කාල සීමාව මාස 06 කට වැඩි නම්, උචිත නියමිත කාලය තුළ හැඳුනුම්පතක් ලබාගෙන නොමැති බවටත්, ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත්කර නොමැති බවටත් කරන ප්‍රකාශය

ද්විත්ව පුරවැසියන් 19(2) සඳහා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේදී ගාස්තු අය කිරීම

1 ද්විත්ව පුරවැසියන් 19(2) සඳහා ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේදී ගාස්තු අය කිරීම රු.200.00
2 ද්විත්ව පුරවැසිභාවය ලබාගත් දිනයේ සිට ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කරන දිනය අතර කාල සීමාව මාස 06 ඉක්මවා ඇත්නම්, රු.2500.00
3 සාමාන්‍ය සේවය යටතේ ලියාපදිංචි තැපෑලෙන් ජාතික හැඳුනුම්පතක් යොමු කිරීම සදහා ගාස්තුව රු.120.00

ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.

1948 අංක 19 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(3) වගන්තිය යටතේ ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් කරන ද්විත්ව පුරවැසියන් ඉදිරිපත් කළ යුතු ලේඛන

ඉහත 19(2) යටතේ සදහන් කල ලේඛන වලට අමතරව,
  1. ජාතික හැඳුනුම්පත සංශෝධනයක් නම් පැරණි ජාතික හැඳුනුම්පත, එසේ නොමැති නම් ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ බවට පොලිස් වාර්තාව
  2. වයස අවු.15ට වැඩි පුද්ගලයෙකු මුල්වරට ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කරන්නේ නම්, උචිත නියමිත කාලය තුළ හැඳුනුම්පතක් ලබාගෙන නොමැති බවටත්, ඒ සඳහා ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කර නොමැති බවටත් කරන පු.ලි.දෙ/මෙ/02/3 ප්‍රකාශය
  1. ඉදිරිපත් කර ඇති ද්විත්ව පුරවැසි සහතිකයේ සඳහන් නම ලබා දෙනු ලබයි.
  2. ද්විත්ව පුරවැසි සහතිකයේ සඳහන් නමට වඩා වෙනස් නමක් ඉල්ලා සිටින්නේ එම ඉල්ලීමට අනුව ද්විත්ව පුරවැසි සහතිකයේ නම සංශෝධනය කර ඉදිරිපත් කළ යුතුය.
  3. ඉහත සඳහන් අවස්ථා දෙකහිදීම ද්විත්ව පුරවැසි සහතිකයේ සඳහන් නම, උප්පැන්න සහතිකයේ සඳහන් නමට වඩා වෙනස් වන්නේ නම් උප්පැන්න සහතිකය ඒ අනුව සංශෝධනය කර ඉදිරිපත් කළ යුතුය.
  4. ද්විත්ව පුරවැසි සහතිකයේ පියාගේ නම/වාසගම සඳහන්ව ඇති විට ඉල්ලුම්කරුගේ නම සමඟ පියාගේ නම/වාසගම ඉල්ලන්නේ නම් ලබාදිය හැකිය.
  5. ද්විත්ව පුරවැසි සහතිකයේ සඳහන් නම සමඟ විවාහ සහතිකය ඉදිරිපත් කරමින් ස්වාමියාගේ නම/ වාසගම ඉල්ලන්නේ නම් ලබාදිය හැකිය.

1948 අංක 19 දරණ පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) හා 19(3) වගන්ති යටතේ පුරවැසිභාවය ලබා ගත් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් වන පුද්ගලයන්හට ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා තම ස්ථිර පදිංචිය සනාථ කිරීමට නොහැකි අවස්ථාවලදී තම ළඟම ඥාතියෙකුගේ/ හිතවතකුගේ ලිපිනය භාවිතා කර ජාතික හැඳුනුම්පත සකස් කිරීමට හැකියාව ඇති අතර, එහිදී පු.ලි.දෙ./මෙ/01/04 ආකෘතිය මගින් ලිපිනය සනාථ කර ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කළ යුතුය.

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම එක්දින සේවය යටතේ සිදුකෙරේ.

එක්දින සේවාව පුද්ගලයන් ලියාදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ හා ගාල්ල පළාත් කාර්යාලයේ ක්‍රියාත්මක වේ. පෙ.ව.7.30 සිට 12.30 දක්වා කාලය තුල ප්‍රධාන කාර්යාලය වෙත පැමිණෙන ඉල්ලුම්කරුවන් 9 වන මහලේ D පර්යන්තය වෙත පැමිණීමෙන් මෙම සේවාව ලබාගත හැකිවේ.

ගාස්තු / දඩ මුදල් අය කිරීම

1 එක්දින සේවා ගාස්තුව රු.2000/-
2 මුල්වරට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රු.200/-
3 සංශෝධිත ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.500/-
4 නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම රු.1000/-
5 වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට වසරක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට ඉල්ලුම් නොකළ ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500/-
6 පුරවැසිභාවය පිළිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත්කළ දින සිට මාස 06ක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබා නොගත් ඉල්ලුම්කරුවෙක් සඳහා දඩ මුදල රු.2500/-

ඉහත කී ගාස්තු හා දඩ මුදල් එක් දින සේවයේ සරප් වෙත ගෙවිය යුතුය.

ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලේඛණ

මුල්වරට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම
නැතිවූ ජාතික හැඳුනුම්පතක් සඳහා නව ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම
සංශෝධිත ජාතික හැඳුනුම්පත් ලබාගැනීම
ද්විත්ව පුරවැසියන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම

ඉහත එක් එක් අවස්ථාවන්ට අදාලව අවශ්‍ය ලේඛණ සමග ග්‍රාම නිලධාරී හමුවීමෙන් ඉල්ලුම්පතක් යොමු කළ හැකිවේ. ඉල්ලුම්කරු එක්දින සේවාව වෙත පැමිණීමේදී ඉහතින් සඳහන් කළ ලේඛණවල “මුල් පිටපත්” රැගෙන ඒම අනිවාර්ය වේ.