මාර්ගගත ක්‍රමවේදයට අදාලව ජාතික හැඳුනුම්පත් තොරතුරු සනාථ කිරීම
(NIC LOOKUP SYSTEM)

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් නුදුරු අනාගතයේදී සෘජුවම බාහිර ආයතනවල පරිගණක පද්ධති වෙත පුද්ගල තොරතුරු තහවුරු කර දීමේ ස්වයංක්‍රීය සේවාව අරඹනතුරු අන්තර්කාලීන සේවාවක් ලෙස ආරක්ෂිත වෙබ් සේවාවක් ලබාදීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් ආරම්භ කරනු ඇත. ඒ අනුව මෙම සේවාව මගින් පුද්ගලයාගේ එකඟතාවය සහිතව පුද්ගල රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බාහිර ආයතන වෙත මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ ස්වයංක්‍රියව ලබාදීමට අපි කටයුතු කරමු.

අප දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් අංකයට අදාල පරිගණක ගත තොරතුරු පමණක් ආරක්ෂිතව ලබාදීම සිදුකෙරෙන බැවින්, එම තොරතුරු පදනම්ව අදාල ආයතනයන් විසින් ගනු ලබන තීරණ සඳහා වගකීම අප සතු නොවන අතර, අදාල ආයතනයෙහි කාර්යයන් සඳහා ගනු ලබන තීරණවල වගකීම අදාල ආයතනය සතුවේ. මේ වන විට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය පරිගණක දත්ත පද්ධතියක් ඔස්සේ සිදුකෙරෙන අතර, 2014 ට පෙර මිනිස් ශ්‍රමය උපයෝගී කරගනිමින් සිදුකරන ලද ජාතික හැඳුනුම්පත් සම්බන්ධ තොරතුරුද සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විට දත්ත පද්ධතියට එක් කර ඇත.

යම් පුද්ගලයෙකු සේවා අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමේදී යම් මූල්‍ය ආයතනයක් හෝ වෙනත් ආයතනයක් විසින් හැඳුනුම්පතෙහි තොරතරු දෙපාර්තමේන්තු දත්ත පද්ධතිය තුල නොමැති බවට අදාල පුද්ගලයා වෙත දැනුම් දී ඇති අවස්ථාවකදී, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මගින් 011 52261623 හා 0115226164 දරණ දුරකථන අංක ඔස්සේ විමසීමක් සිදුකළ හැකි අතර අදාල පුද්ගලයා වෙත නිකුත් කර ඇති හැඳුනුම්පත, උප්පැන්න සහතිකය, විමසීම සිදුකිරීමට දැනුම් දී ඇති ආයතනයට අදාල තොරතුරු හා සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සමග niclookup.ccu@drp.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත තොරතුරු යොමු කළ යුතුය.