දකුණු පළාත් කාර්යාලය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය 2019.09.06 වන දින ආරම්භ කරන ලද අතර, බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව එක්දින සේවයෙන් හැඳුනුම්පත් නිකුත් කරන එකම පළාත් කාර්යාලය දකුණු පළාත් කාර්යාලය වේ.

සාමාන්‍ය සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම මෙන්ම ඉල්ලුම්කරුවන්ගේ පහසුව උදෙසා එක්දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමද මෙම කාර්යාලයෙන් සිදුකෙරේ. එහිදී එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබාගැනීමට අපේක්ෂිත ඉල්ලුම්කරුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වෙන්කර ගත් දිනයට පැමිණීමෙන් අදාල සේවාව ලබාගත හැකිවේ. එලෙස පැමිණෙන ඉල්ලුම්කරුවන් වෙත පෙ.ව.7.30 සිට ටෝකන් පත් නිකුත් කරනු ලැබේ.

මීට අමතරව දකුණු පළාතේ ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්ක 03 හි ආසන්න වශයෙන් පාසල් 758 ක පමණ පාසල් ඉල්ලුම්කරුවන් සහා හැඳුනුම්පත් හෝ අංක තහවුරු ලිපි නිකුත් කිරීමේ කටයුතු මෙන්ම ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, තොරතුරු තහවුරු කිරීමේ අංශය යනාදී අංශ වෙතින් ලබාගැනීමට අපේක්ෂිත වෙනත් සේවාවන් සම්බන්ධයෙන් විමසීම් මෙම කාර්යාලය වෙතින් සිදුකර ගත හැකිවේ.

සහකාර කොමසාරිස්
...
  එම්.එල්.ඒ්. සංජීව මහතා
  දුරකථන අංක :091 2228348
  ෆැක්ස් : 091 2228349
  විද්‍යුත් තැපෑල : ac_galle@drp.lk