දත්ත ඇතුලත් කිරීම හා සිංහල දෙමළ පරිවර්තන ශාඛාව

ඉල්ලුම්පතට අනුව ග්‍රාම නිලධාරී අංකය හා කොට්ඨාශයද, උප්පැන්න සහතිකයට අනුව උපන් ස්ථානය හා උපන් දිස්ත්‍රික්කයද, පුරවැසි සහතිකය හෝ උප්පැන්න සහතිකයේ අංකයද, උපන් කොට්ඨාශය, උපන් රට, ලිපිනය හා දුරකථන අංකයද ඇතුලත් කරමින් නිවැරදි තොරතුරු පද්ධතිගත කිරීම ප්‍රධාන කාර්යභාරය වන අතර, එසේ සටහන් කරනු ලබන දත්ත ත්‍රෛ භාෂා ප්‍රතිපත්තිය යටතේ සිංහල හා දමිළ භාෂාවට පරිවර්තනය කරමින් නිවැරදි අක්ෂර වින්‍යාසයට අනුකූලව සකස් කිරීම සිදුකරනු ලැබේ.

සිංහල පරිවර්තනය
සිංහල බසට පරිවර්තනය වන ඉල්ලුම්කරුගේ නම, උපන් ස්ථානය හා ස්ථිර ලිපිනය එහි අක්ෂර වින්‍යාසයට අනුව ඇතුලත් කිරීම

දෙමල පරිවර්තනය
දෙමල බසට පරිවර්තනය වන ඉල්ලුම්කරුගේ නම, උපන් ස්ථානය හා ස්ථිර ලිපිනය එහි අක්ෂර වින්‍යාසයට අනුව ඇතුලත් කිරීම

සහකාර කොමසාරිස්
...
  නම : අයි.ගලප්පත්ති මිය
  දුරකථන අංක : 011 5226128
  විද්‍යුත් තැපෑල : ac_dpu@drp.lk