නීති ශාඛාව

සාමාන්‍ය සේවය සහ එක්දින සේවාව යටතේ ඉදිරිපත් කර ඇති ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් හා ලේඛනවලට අදාල ගැටලුවලදී නීතිමය තත්ත්වයන් හඳුනාගෙන, එම ඉල්ලුම්කරුවන් හෝ අදාල ආයතන සමග සෘජුව සම්බන්ධවී තොරතුරු තහවුරු කරගනිමින් විනිවිදතාවයකින් යුත් සේවාවක් සැපයීම ප්‍රධාන අරමුණයි. ව්‍යාජ ජාතික හැඳුනුම්පත්වලට හෝ ලේඛනවලට අදාල පැමිණිලි, වංචා විමර්ශන කාර්යාංශය වෙත යොමු කර නීති කටයුතු සිදුකිරීම සහ නිවැරදි ලේඛණ සහ නිවැරදි තොරතුරු පදනම් කර ගනිමින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රධාන කාර්යය වේ.
තවද, දෙපාර්තමේන්තුව වෙතින් ජාතික හැඳුනුම්පත් අංක තහවුරු කිරීම් අවශ්‍ය වන තුන්වන පාර්ශවයන් වෙනුවෙන් අදාල රාජ්‍ය ආයතනවලට (රාජ්‍ය ආාරක්ෂක අංශ, බැංකු හා මූල්‍ය ආයතන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව වැනි) තොරතුරු ලබාදීම සහ මහජනතාව විසින් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන පුද්ගලික මහජන පැමිණිලි විමර්ශනය කිරීමත් අවශ්‍ය නීති කටයුතු සිදුකරමින් අපක්ෂපාතී සේවාවක් මෙම අංශය මගින් සිදුකරයි.

නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : සී.ඒ.කේ. ගල්ඇටුඹගේ මයා
  දුරකථන අංක : 011 2 862 449
  ෆැක්ස් : 0112862378
  විද්‍යුත් තැපෑල : dc_legal@drp.lk
නියෝජ්‍ය කොමසාරිස්
...
  නම : පී.එච්.ටිරෝෂි මධුභාෂිණී මිය
  දුරකථන අංක : 011 5 226 167
  ෆැක්ස් : 0112862378
  විද්‍යුත් තැපෑල : ac_legal@drp.lk