මධ්‍යම පළාත් කාර්යාලය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය 2024.04.22 වන දින මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මැතිතුමා විසින් විවෘත කරන ලදී.

සාමාන්‍ය සේවය යටතේ නුවරඑළිය, මහනුවර, මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරන සියලුම ඉල්ලුම්තප්වලට අදාලව ජාතික හැදුනුම්පත් සැකසීමේ ක්‍රියාවලියේ මූලික කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කරනු ලබන අතර එම ඉල්ලුම්පත් සම්බන්ධ විමසීම් හා ජාතික හැඳුනුම්පත් සම්බන්ධ අනෙකුත් සේවා අවශ්‍යතාවන්ද මෙම කාර්යාලය ඔස්සේ සිදුකර ගත හැක.
එමෙන්ම මධ්‍යම පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් තුල ස්ථාපිත පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ප්‍රාදේශීය කාර්යාල අධීක්ෂණය, පහසුකම් සැලසීම සහ ජංගම සේවා පැවැත්වීම ඇතුලු සියලු රාජකාරී මෙහෙයවීමද මධ්‍යම පළාත් කාර්යාලය මගින් සිදු කරනු ලැබේ.

නියෝජ්‍ය කොමසාරිස්
AC-nuwaraeliya
  නම :
  දුරකථන අංක : 0115226175
  ෆැක්ස් :
  විද්‍යුත් තැපෑල :