ගැලරිය

වාර්ෂික පුහුණු සැසිය හා ප්‍රගති සමාලෝචන රැස්වීම - බස්නාහිර පළාත

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන නිලධාරීන් සඳහා පුහුණු අවස්ථා ලබාදෙමින් වඩා කාර්යක්ෂම සේවාවක් මහජනතාව වෙත ලබාදීමේ අරමුණින් වාර්ෂික පුහුණු හා ප්‍රගති සමාලෝචන රැස්වීම් මාලාවක් සංවිධානය කර ඇත. ඒ අනුව එහි මූලික අදියරයන් කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්හි පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන් සඳහා 2023.10.13 දින හා 2023.10.20 වන දිනයන්හිදී දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.