ගැලරිය

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය නව මුහුණුවරකින්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පැවති නිල වෙබ් අඩවිය වෙනුවට පරිශීලනය වඩාත් පහසු වන සහ වඩා කාර්යක්ෂමව තොරතුරු ලබාගත හැකි වන පරිදි නව්‍යකරණය කරන ලද නව වෙබ් අඩවිය දියත් කිරීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා විසින් 2023.09.18 දින සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා අතිරේක කොමසාරිස් ජනරාල් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, www.drp.lk යන වෙබ් ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය. නව වෙබ් අඩවියේ විශේෂාංග අතරට වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුළත් වීම, අවශ්‍ය ලේඛන බාගත කිරීමේ හැකියාව, ජංගම දුරකථන ඔස්සේ ප්‍රවේශ විමේ හැකියාව යනාදිය ඇතුළත්ව පරිශිලකයන්ට වඩාත් කාර්යක්ෂමව හා පහසුවෙන් පරිශීලනය කල හැකි පරිදි සංවර්ධනය කර ඇත.